අපි සිහින දකින්නේ ඇයි?

If-You-See-A-Woman-Doing-These-Things-In-Your-Dream-You-Future-Is-Very-Bright_1400x.progressive-1

විද්‍යා­ත්මක පැහැ­දිලි කිරී­මකි.

විද්‍යා­ත්ම­කව සිහින පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීම ඔනි­ය­රො­ලොජි (Oneirology) ලෙස හැඳි­න්වෙ­නවා. සිහි­න­යක් වනාහි කිසි­ව­කුගේ සිත තුළ එසේත් නැත් නම්, භෞති­කව සිතු­වොත් මොළය තුළ හට­ගන්නා යමක් වන අතර, එය තවත් කෙන­කුට විඳී­මට හෝ දැකී­මට හැකි­යා­වක් නැත. සිහින පිළි­බඳ නිසි ආකාර අව­බෝ­ධ­යක් ලබා ගැනී­ම­ටද මේ සිහින හඳු­නා­ගැ­නී­මට ඇති නොහැ­කි­යාව බල­පෑවා. කෙනකු විසින් දකින ලද සිහි­න­යක් විස්තර කර­න්නැයි කීවද ඉන් ලැබෙන ප්‍රති­ඵ­ලය 95%ක්ම විශ්වාස කළ නොහැකි මට්ටමේ පව­ති­නවා. මන්ද යත්: සිහි­න­යක් දැකී­මෙන් විනාඩි 10ක් තරම් සුළු කාල­යක් තුළ එහි සිත් ගත් හෝ වැඩි වශ­යෙන් සිතට බල­පෑම් කළ කොටස් හැර අනෙ­කුත් සියලු දේ මත­ක­යෙන් ගිලිහී යනවා. 1952දී ඇම­රි­කාවේ චිකාගෝ සර­ස­විය විසින් හිසට සවි කළ ඉලෙ­ක්ට්‍රෝඩ භාවි­ත­යෙන් කළ පර්යේ­ෂ­ණ­ය­කදී අපේ මොළය විසින් විශාල වශ­යෙන් නින්ද මධ්‍ය­යේදී විදුලි සංඥා නිකුත් කරනු ලබන බව තිර­යෙහි සට­හන් වනු අධ්‍ය­ය­නය කළා. ඒ පර්යේ­ෂ­ණ­යේදී එහි උච්ඡ­තම අව­ස්ථා­වට පැමිණි විට පර්යේ­ෂ­ණ­යට යොදා­ගත් පුද්ග­ල­යන්ගේ දෑස් වේග­යෙන් එහා මෙහා යන ආකා­රය දකි­න්නට ලැබුණු අතර, ඔවුන් වහා ඇහැ­ර­වනු ලැබුවා. එවිට ඔවුන් සිහි­න­යක් දකි­මින් සිටි බවයි පවසා ඇත්තේ. මේ අව­ස්ථාව රැපිඩ් අයි මූව්මන්ට් ස්ලීප් (REM sleep) හෙවත් වේග­වත් දෑස් චලන නින්ද ලෙස හඳු­න්ව­නවා. REM නින්ද ලබන අව­ස්ථා­වේදී හෘදය ස්පන්ද­නය ඉහළ යෑම, කය ඉතා මඳ වශ­යෙන් චල­නය කිරීම්, ඇස් චල­නය කිරීම් මෙන්ම වේග­යෙන් හුස්ම ගැනීම්ද දකි­න්නට ලැබෙ­නවා. නිඳා­ගෙන සිටින කෙනකු දෙස බලා­ගෙන සිටිය හොත් ඔවුන්ගේ ඇසි­පිය යටින් වේග­යෙන් ඇස් චල­නය වන ආකා­රය ඔබට දැක­ගත හැකියි.

REM අව­ස්ථා­වේදී මොළය ක්‍රියා කරන්නේ එය අවදි වී සිටින අව­ස්ථාවේ ක්‍රියා­ත්මක වන ආකා­ර­ය­ට­මයි. එහෙත් වෙනස වන්නේ ඒ අව­ස්ථා­වේදී රසා­ය­නික ද්‍රව්‍ය නිපැ­යීම නවතා ලීමයි. මෙසේ නව­තින රසා­යන ද්‍රව්‍ය අතර නොරෙ­පි­නෙ­ෆ්‍රින්, සෙර­ටො­නින්, හිස්ට­මින් අඩංගු වන අතර, මේ නිසා කයේ පේශි සෙල­වීම බොහෝ වශ­යෙන් නව­ති­නවා. සිහි­නෙන් බිය වූ අව­ස්ථා­වල කෑගැ­සු­වාට හඬ පිට නොවන බව දැනීම, පහ­ර­දී­මට අවශ්‍ය වූවත් එය කර­ග­න්නට නොහැකි බව දැනෙ­න්නේත් මේ පේශි සිර­වීම දැනෙන නිසයි. මෙසේ බිය වූ අව­ස්ථා­ව­න්හිදී හැර අප සිහි­න­ව­ලදී විවිධ චලන දක්වද්දී එත­රම් ගැට­ලු­වක් නොදැ­නීම සහ පිටත බලා සිටි­න්න­කුට මේ අවස්ථා දෙකෙ­හි­දීම පේශි චල­න­යක් දකි­න්නට නොලැ­බෙන තරම්ම වන්නේ මොළය ඊට අවශ්‍ය රසා­යන ද්‍රව්‍ය නවතා ලන නිසායි.

එහෙත් සම­හ­රුන් නින්දෙන් ඇවි­දින්නේ කොහො­මද? ඒ මෙහි­දීම ඇති වන තවත් ඩිස්ඕ­ඩර් (disorder) හෙවත් ආබාධ තත්ත්ව­යක් නිසායි. නින්දෙන් ඇති වන බිය වීම් නිසා මෙහි මුල් අව­ස්ථාව තුළදී හිසට ඈඳා­ගත් ඉලෙ­ක්ට්‍රෝ­ඩද සමඟ පුද්ග­ල­යන් ඇඳට පහ­ර­දීම්, නැගිට යෑමට උත්සාහ කිරීම් කරනු විවිධ පර්යේ­ෂ­ණ­ව­ලදී කැම­රා­වට හසු වී තිබෙ­නවා. එහෙත් සාමාන්‍ය අව­ස්ථා­වේදී බහු­ත­ර­යක් අයගේ පේශි අක්‍රිය වීමෙන් චල­න­යන් නවතා ලනු ලබ­නවා.

නින්දෙහි ඇති එක් අව­ස්ථා­වක් නම් අප ඇහැ­රුණු බව දැනු­ණත් කය සොල­ව­න්නට නොහැකි බව දැනී­මයි. මෙහිදී අපේ මොළය සහ කය නින්දෙ­හිම සිටින නමුත් සිත ඇහැ­රීම හෙවත් සිහි­බු­ද්ධිය ඇති වීම සිදු වෙනවා. එන­මුත් කයෙහි පාල­නය නොලැ­බෙන නිසා ඇතැම් විට නැව­තත් සිහිය ඇති­වම සිහි­නය දැකීම සිදු වෙනවා. එය, සිහි­න­ය­කින් තවත් සිහි­න­ය­කට ඇහැ­රී­මක් මෙන් දැනෙ­න්නත් පුළු­වන්. ඇතැ­මුන් හොඳ සිහි­යෙන් නැඟිට ගොස් වැසි­කි­ළි­යට මූත්‍ර කළත් ඇඳ තෙත් වී එක්වර ඇහැ­රෙ­න්නේත් මෙවන් සංසි­ද්ධි­ය­කට මුහු­ණ­පාන නිසායි. මූත්‍ර පහ කිරීමේ අව­ශ්‍ය­තාව දැනුණු වහා සිත ඇහැ­රෙ­නවා. කුඩා දරු­වන්ගේ මෙය ඇතැම් විට නොදැ­නීම නිසා සිදු වනවා ඇති. එහෙත් නීරෝගි වැඩි­හිටි අයකු මෙවන් අත්වැ­රැ­ද්දක් කර­ගත හොත් බොහෝ විට ඒ සිත විසින් කය පාල­නය කර­ගත නොහැ­කිව මොළය විසින් රවටා සිහි­න­යෙන් පෙන්වන ලද වැසි­කි­ළි­ය­ක­ටයි මූත්‍ර කරන්නේ! මෙය අසා­මාන්‍ය අව­ස්ථා­වක් ලෙස පෙනු­ණත් එය හඳු­න්වන්නේ ලුසිඩ් ඩ්‍රීමින් (Lucid dreaming) ලෙසයි.

මූත්‍ර පහ කිරීමේ අව­ශ්‍ය­තා­වක් හැරුණු කොට සිත පාල­නය කිරීම හරහා සිහි­න­යක් දකිද්දී මේ දකින්නේ සිහි­න­යක් බව පසක් කර­ග­න්නට කෙනකු සමත් වුව හොත් ඒ සිහි­නය තුළ තමන්ට අවශ්‍ය ඕනෑම කෙන­කුව හෝ ආහා­ර­යක් වැනි දෙයක් මවා­ගන්න, ස්පර්ශ කරන්න, සුවඳ බලන්න, රස බල­න්නද හැකි­යාව ලැබෙන අතර ඒ රස, සුවඳ සංවේ­දන පවා හොඳින් විඳ­ග­න්නට අව­ස්ථාව සැල­සෙ­නවා. මෙය භාවනා කිරීම් මඟින් වර්ධ­නය කර­ගත හැකි අව­ස්ථා­වක් මෙන්ම ඒ වෙනු­වෙන් සක­සන ලද හිස් පල­ඳනා උප­ක­රණ පවා තිබෙ­නවා. ඒ උප­ක­ර­ණ­ව­ලින් REM නින්ද හඳු­නා­ගෙන දෑසට විදුලි බුබුළු ආලෝ­ක­යක් සහ කුඩා සංගී­ත­යක් ලැබී­මට සල­ස්ව­නවා. එවිට ටික දිනක් පුහුණු වූ විට මේ ආලෝ­ක­යෙන් සහ ශබ්ද­යෙන් පෙන්නුම් කරන්නේ මා සිහි­න­යක ඉන්නා බව යැයි පැලඳි කෙනාට දැන­ග­න්නට පුළු­වන්. එවිට තමන්ගේ නිර්මා­ණ­ශී­ලි­ත්වය අවදි කර­ගෙන තමන් කැමැති ලොවක් මවා­ගත හැකියි!

නින්ද යනු ජීවි­ත­යට අත්‍ය­වශ්‍ය දෙය­කැයි සෞඛ්‍යය සම්බන්ධ උප­දෙ­ස්ව­ලින් කියන යමක් විද්‍යා­ඥ­යන්ට තහ­වුරු කරන්න අව­ස්ථාව ලැබුණා. ඒ, මීයන් අඩිය වැසෙ­න්නට වතුර පිරවූ බඳු­නක මැද උස් ස්ථාන­යක තබා නිඳා­ගන්න සැලැ­ස්වී­මයි. එවිට REM නින්දේදී පේශී ලිහිල් වී ජල­යෙහි ගැටුණු විට ඔවුන් ඇහැ­රෙ­නවා. මෙලෙස කිහිප වාර­යක් සිදු වුණු විට දකින්න ලැබුණේ ඔවුන්ගේ මත­කය බෙහෙ­වින් නැති වී ඇති බවයි. මනු­ෂ්‍ය­ය­න්ටද පාඩම් කළ කිසි­වක් මෙසේ REM නින්ද අව­ස්ථා­වේදී නිතර ඇහැ­ර­වී­මෙන් නැතිව යනවා. එනිසා මතක තබා­ගත් දෑ ස්ථාවර වීමට හොඳ නින්දක් අත්‍ය­ව­ශ්‍යයි. එසේම තවත් පර්යේ­ෂ­ණ­ව­ලදී දහ­වල් කාල­යේදී ගැටලු විස­ඳී­මක් වැනි යමක් පුද්ග­ල­යන්ට ලබාදී ඔවුන්ගේ හිසෙන් නිකුත් වූ සංඥා­වන් හිසට සබැඳි ඉලෙ­ක්ට්‍රෝඩ මඟින් සට­හන් කර­ගෙන, ඔවුන්ට රාත්‍රියේ නිඳා­ගන්න සලස්වා බැලූ විට දකි­න්නට ලැබී ඇත්තේ ඒ සමාන ඉලෙ­ක්ට්‍රෝන සංඥා­වන්ම රාත්‍රි­යේ­දීත් මොළ­යෙන් පිට කරන බවයි. ඉන් පෙනෙන්නේ උගත් දේ යළි සිහි කිරී­මක් දැන හෝ නොදැන හෝ නින්දේදී සිදු වන බවයි. එහිදී දවස තුළ මොළයේ එක්රැස් වුණු අන­වශ්‍ය දෑ අම­තක කොට, මොළයේ මතක ප්‍රදේ­ශ­වල ඉඩ සක­සා­ගැ­නී­මද සිදු වනවා. මෙලෙස මොළයේ අපේ පාල­න­යෙන් තොර කොටස් විසින් නින්ද අතර සිදු කරනු ලබන දෑ නිසා හට­ගන්නා සංඥා පාල­නය කළ හැකි කොට­ස්ව­ලට ලැබී­මෙන් ඒවා ගැන ඇති වන විය­වුල් බව නිසා විවිධ දේවල් මවා­ගන්නා බවත්, ඒවා සිහින බවත් දැන් විශ්වාස කර­නවා.

තවත් විද්‍යා­ඥ­යන් පිරි­සක් විශ්වාස කරන්නේ සිහින යනු අනා­ගත අව­ස්ථා­වන්ට අපව හුරු කර­ව­න්නක් බවයි. සිතෙහි ඇති බිය­සුලු බව, නොහැ­කි­යා­වන් වෙනු­වෙන් මවා­පාන ලද පරි­ස­ර­යක අප එයට මුහුණ දෙමින් පාස­ලක ඉගෙ­න­ග­න්න­වාක් මෙන් අපේ සිතේ ඇති බිය සහ­ගත අව­ස්ථා­වක් පෙර­දැරි කර­ගෙන අභි­යෝ­ග­යක් මවාපා එයට මුහුණ දෙන්නේ කෙලෙ­ස­දැයි වෙනත් පරි­ස­ර­යක පුහුණු වී අන­තු­රුව පසු­දි­නක එව­න්නක් ඇති වුව හොත් එයට සූදා­නම් කර­ලීම මෙහිදී සිදු වනවා.

ඇතැම් සත්‍ය ලෝක අව­ස්ථා­ව­න්හිදී ‘අප මෙය මෙලෙ­සම අත්විඳ තිබෙ­නවා නොවේ­දැයි’ හැඟෙ­න්නේත් මෙවන් දෑ නිසා වන්නත් පුළු­වන්. එසේ හැඟීම ‘ඩේජා-වූ’ (Deja-Vu) ලෙස හඳු­න්වනු ලබ­නවා. අතීත මාන­ව­යන්ට විවිධ පරි­සර තත්ත්ව­යන් මුහුණ දීම සඳහා ලද පරි­ණා­මීය ලක්ෂ­ණ­යක් ලෙසයි ඒ අනුව සිහි­න­යන් අර්ථ දැක්වෙන්නේ. ඒ කෙසේ වුවත්, කුරිරු සත්‍ය­ලො­වට වඩා ඇතැම් සිහි­න­ව­ලින් ලද දේවල් දෑස් හැර බැලූ විට ‘අනේ එහි තවත් රැඳෙ­න්නට තිබුණා නම්!’ යැයි ඔබට සිතී ඇතු­වාට සැක නැත. එහෙත්, සත්‍ය ලෝකයේ හඹා යන්නට මිස, සිහින හෙවත් ඉලක්ක යනු නින්දෙන් ලැබිය යුතු මවා­ගත් දෙයක් නොවන බව සිහි කට යුතුයි.