මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ……

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

ගායනය – ලයනල් රන්වල, රන්වල බලකාය
ගී පද – ජයතිස්ස බොරළුගොඩ
සංගීතය – ලයනල් රන්වල

අපේ අප්පච්චී……

ගිනි ගහන මද්දහන රළු පොළව රත්වෙලා
දෙපා දැවුණා ඔබේ අපෙ කුසගිනි බලා
නීල දලු නැගී එන හේන් ඉම දෙස බලා
නුඹේ වතේ මල් පිපෙනු දුටිමි මම නෙතු සලා

වැවට බට අහස් දිය ඔබේ දහඩියට සරී
හේන් යායේ දිලුණු නීල පැළ මලින් පිරී
ගැයුණු සී පදය හිඳ තුරු මතේ පැලක සරී
කුරුල්ලන් අඬහැරය ඇසේ සවනට සපිරී

පුතේ පෙරටම යන්න ඉගෙනීම පල දරා
විෂම ලොව ජයගන්න මෙත්‍රිය සිත දරා
දෙමින් ඔවදන් මෙමට පාරමී දම් පුර පුරා
මගේ ලොව රජ නුඹයි මිණි කිරුළ හිස දරා