පුංචි කතාවක්……

මෙය සිදුවූයේ ඉතා ඈත කාලයකදී ය. එක්තරා අඹුසැමි යුවළකට දරුවෝ නැත්තා හ. ඔවුහු කෙමෙන් මහලු වියට ද එළැඹුණා හ. මැහැල්ල හැමවිට ම කවුළුවෙන් පිටත බලමින් සුසුම් හෙළමින් සිටිනු දකින මහල්ලා ගේ සිත ද මහා දුකකින් පිරිණි. ඔවුනට සියල්ල තිබිණි. නොතිබුණේ සිතේ සතුට පමණි. ඒ දරුවකු නොමැති හෙයිනි.

මෙසේ හිම කාලය ද එළැඹිණි. එවිට මහල්ලා සිය බිරිය අමතා මෙසේ කීය;

”හැමදාම මෙහෙම ඉඳලා බෑ. යමු අපි මේ හිමෙන් දරුවකු තනමු. යමු.”

මැහැල්ල ගේ සිත සතුටින් පිරිණි. එය හොඳ යෝජනාවකි. ඔවුහු වහා හිම ගොඩැල්ල මැදට වැදී හිමෙන් දැරියක හිමෙන්  සෑදූහ. දැඩි ශීතය මැද හිම දැරිය සුදු නිල් පැහැයෙන් යුතු ව ගොඩ නැඟුණා ය. ඈ රච්කා යි.

පණ ලැබූ  රච්කා ද රැගෙන දෙමහල්ලෝ සිය නිවසට වන්හ. ඔවුහු ඉහවහා ගිය සතුටින් යුතු වූහ.

කලක් ගෙවිණි. ග්‍රීෂ්මය එළැඹිණි. හිම දියවිණි.

රච්කා දුකිනි. හේමන්ත මල් පිපී හාත්පස සුවඳ විහිදෙද්දී ඈ දුකින් ගෙතුළට වැදී සිටියා ය. හිරු එළිය ඈට හිරිහැරයකි.

යහළු යෙහෙළියෝ ඈ වෙත’විත් ඈ සෙල්ලමට කැඳවූහ. රච්කා අකැමැත්තෙන් මෙන් ඔවුන් සමඟ නික්මුණා ය.

යෙහෙළියෝ අසල කැලෑවට වන්හ. ඔවුහු වනමල් නෙළූ හ. මාලා ගෙතූහ. රච්කා අසල වූ කුඩා දිය කඳුර වෙත ගොසින් මහත්වූ ආශාවෙන් දිය බිඳු දෝතට ගෙන ඒවා හා සෙල්ලම් කළා ය.

මේ අතර ඇගේ මිතුරෝ ගිනිමැලයක් දැල්වූහ. එය සරුවට ඇවිලිණි. කුඩා කෙල්ලෝ ගිනිමැලය මතින් එහා මෙහා පනින්නට වූහ.

”රච්කා එන්න. එන්න. සෙල්ලම් කරමු” ඔවුන් ගේ ඇවිටිලි නිමා නොවූ තැන  රච්කා ගිනිමැලය වෙත ගියා ය. ඒ මතින් පැන්නා ය.

එවිට ඈ දිය වී කඩා හැලෙන්නට වූවා ය. ගිනිමැලය මත කුඩා වලාකුළක් සෑදිණි. එය අහසට ම එසැ වී ක්‍රමයෙන් නොපෙනී යන්නට විය.

රච්කා තවදුරටත් මෙලොව නොමැති විය.

දෙමහල්ලෝ හඬා වැළපී යමක් අවබෝධ කරගත්හ. එනම් ස්වභාවධර්මයා ට එරෙහිවීමට කිසිවකුට නොහැකි බව ය.

අධ්‍යාපනය

අධ්යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී තිබෙනවා.. මේ නිසාද අධ්යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා.
අධ්‍යාපනය යන්න මුලින්ම බිහිව ආවේ ලතින් භාෂාවෙන්.  අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ , අධ්‍යාපනය ඉතා උසස් මටිටමක පවතී. අධයාපනය කොටස් දෙකකින් සමන්විතයි. එනමි විධිමත් අධ්‍යාපනය හාඅවිධිමත් අධ්‍යාපනයයි. විධිමත් අධ්‍යාපනය යනු -විධිමත් ආයතන තුළින් ලබන අධ්‍යාපනයයි. ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පූර්ණ කාලීනව කෙරෙන අධ්‍යාපනයයි. උදාහරණ ලෙස පාසල, විශ්ව විද්‍යාලය ගන්න පුළුවන්.අවිධිමත් අධ්යාපනය යනු ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්යාපනයයි. උදාහරණ ලෙස රූපවාහිනියෙන්, සමාජ ආශ්රයෙන් අන්තර්ජාලය වැන්නෙන් ලබාගන්න පුළුවන්.
ඇත්තෙන්ම
අධ්යාපනය කියන්නේ වටිනා උත්තරීතර දෙයක්. අධ්යාපනය අපිට පාසලෙන් දහමි පාසලෙන් විවිධ අධ්‍යාපන මධ්යස්ථාන වලින් ලබා ගන්න පුළුවන්. අද කාලය වන විට අධ්‍යාපනය මිනිසකු විසින් ලැබිය යුතු ‍අනිවාර්ය අංගයක් බවට පත්ව තිබෙනවා. අධ්‍යාපනය නොලබපු අයෙකුට සමාජයේ හරි ආකාරව ජීවත් වීමට නොහැකි තත්වයක් අද වන විට උද්ගතව පවතිනවා.. එසේ වීමට හේතුව අධ්‍යාපනය එතරමිම දියුණු අංගයක් වී ඇති නිසා.නිවැරදි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ රටට ‍සමාජයට බරක් නැති වැඩදායි පුද්ගලයකු බිහිකිරීමයි. ඉතින් අපිත් රටට යහපත් පුරවැසියකු වීමට යහපත් අධ්‍යාපනයක් ලබන්න ඕන නේද?