අපූරු උපාය…………

එක ගමක පුංචි පවුලක් ජීවත් වුණා.අම්මයි තාත්තයි දුවයි පුතයි. පවුල පුංච් වුණත් සමගිය විශාලයි. ඒකනේ කියන්නේ පුංචි පවුල රත්තරං කිලා. මොනතරමි අඩුපාඩුකම් තිබුනත් සතුටින් ජීවිතයට මුහුණ දෙන්න මේ උදවිය පුරැදු වෙලා හිටියා.

තාත්තා බොහෝම මහන්සියෙන් උපයාගන්නා දේවල් අමිමා වියහියදම් කළේත් පරිහරණය කළේත් හරිම අරපිරිමැස්මෙන්.ඒ පුරැද්ද දුවටත් පුතාටත් නොමදව තිබුණා.

ගේ දොර අස්පස් කිරීමේ කාර්ය පැවරිලා තිබුණේ දුවට.ඒ කාරිය හරිම ආසාවෙන් ඉටු කළා.මකුළුදැල් කඩලා දූවිලි පිහදාලා ගේ ලස්සනට තියාගන්න දු මෙන්ම අමිමත් හුගක් උනන්දු උනා.

ආලින්දය හැ වුණේ ලස්සන මල් පෝච්චියකින් එය අමිමාගේ උපන්දිනයට තාත්තාගෙන් ලැබුණු තෑග්ගක්.ඒ නිසා අම්මා ඒ මල් පෝච්චිය පාවිච්චි කළේ හරිම ආදරයෙන්.

දවසක් නිම්සරා ඒ කියන්නේ මේ දුවගේ අතින් මල් පෝච්චිය බිමට වැටුණා.ලස්සන මල් පෝච්චිය දෙකඩ වුණා.ඇගේ හිතට බයකුත් එක්ක දුකක් ඇති වුණා. අම්මට මොන තරම් දුකක් ඇති වෙයිද? නිමිසරාගේ ඇස්වල කදුළු පිරැනා.මේ ගැන අම්මට කියනවද නැත්ද? ඇගේ සිත චංචල වූනා.

අවසානයේ නිම්සරා තීරණයකට පැමිණියා.ඈ මල් පෝච්චියේ කෑලි එකට තියලා ඇලෙව්වා.ඒ කිබූ තැන ම තිබ්බා. හිතේ දෙගිඩියාවෙන් වුණත් අනිත් වැඩ වල  නිරත වුණා.

එදා රෑ  කෑම  ට පුවුලේ උදවිය  කෑම මේසය‍ට ආවා.අනිත් අය සතුටින්.ඒත් නිම්සරා නම් හිටියේ හරිම දුකින් හා  කුමක්දෝ බියකින්.මේ අතරේ අම්මා කටහඩ අවදි කලා.

මේ බලන්න මගේ මල් පෝච්චිය බිදිලා.ඒක කාගේ අතින්ද බිදුනේ. අම්මා ඇහුවා.නිම්සරා අම්මාගේ මූණ බැලුවා.කිසිම වෙනසක් නෑ.ඒත් ඈ උත්තර දුන්නේ නෑ . බිම බලා ගත්තා.

මේ බලන්න………..  මල් පෝච්චිය බිදිලා තියෙන්නේ මට ඕන විධියටමයි. මට ඒක කරගන්න බැරිවයි හිටියේ. අම්මා සතුටු මුහුණක් මවගෙන කිව්වා.

නිම්සරාගේ මුවගට සිනහවක් ආවා.එහෙමනම් මම කළේ උදව්වක්.ඒ නිසා නිම්සරා කතා කළා.

අම්මා  ඒක බින්දේ මම……නිම්සරා හෙමින් හඩ අවදි කළා.

ඉතින් ඔයා මේක මට ඒ වෙලාවේම කියන්න තිබුණනේ….අම්මා ආදරයෙන් කතා කළේ හොරා  අල්ලාගත්තා  බවට අනෙක් අයට ඉගි කරමින්.නියම උපාය නේද?

මිනිසා මනින්නට නැත්තේ ඇයි කෝදු

ලොව ඇති සියළු දේ මැනුමට මිමි            සෑදූ
මිනිසා මනින්නට නැත්තේ ඇයි            කෝදු
මිනිසට අන් දෙකක් දැන්වී ඇත             මෝදු
ඔක්කොම අමතකයි ඒකයි                   අරියාදු

කඩ කරන පොරොන්දු (පුංච් කතාවක්)

බොහෝ ඈත කාලයක කුත්ක් නමින් මිනිසෙක් විසී ය. ඔහු ගේ බිරිය විත්ති ය . දෙදෙනා ජීවත් වූයේ මසුන් මැරීමෙනි.

දිනක් කුත්ක් සරු මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගෙන සිය හිම කරත්තය මසුන්ගෙන් පුරවාගෙන නිවෙස බලා එමින් සිටියේ ය.

හිම මත ලිස්සා යන සේ සකස් කර තිබූ ඒ කරත්තය ඇද්දේ සීල් මත්ස්‍ය යුවළකි.

”ඉක්මනින් ගෙදර යමු. වේගයෙන් දුවන තරමට අතරමඟ දී ප‍්‍රණීත කෑම ලැබේවි “ කුත්ක් සීල් මසුන් අමතා කීය.

ඒ මත්ස්‍යයෝ සිය වේගය දෙගුණ කළහ. රිය ඉක්මනින් නිවෙස බලා ඇදෙමින් තිබිණි.

එහෙත් මසුන්ට වෙහෙස ය. ආහාර ලැබෙනා පාටක් නම් නැත!

”අපට වෙහෙසයි. කන්න ඕනෑ “ ඔවුහු කීහ. ඒත් කුත්ක් මේ වචන සැලකිල්ලට ගත් බවක් නොපෙනිණි.

” තව ටිකක් වේගෙන් යමු. අනිවාර්යයෙන්ම කෑම දෙනවා” ඔහුගෙන් ලැබුණේ තවත් පොරොන්දුවක් පමණි.

සීල් මත්ස්‍යයෝ යළි දුවන්නට වූහ. එහෙත් ඔවුන් සැබැවින් ම වෙහෙසට පත්වෙලා ය. ඔවුහු යළි ඉල්ලති. කුත්ක් පොරොන්දු දෙයි.

අවසානයේ දී මසුන් ගේ ඉවසීම සිදුණු බව පෙනෙන්නට විය. මත්ස්‍යයෝ එක්වර ම දිවයමින් සිටි දිශාව වෙනස් කළහ.

උන් හරුණේ මුහුද දෙසට ය. දැන් කරත්තය ඉතා වේගයෙන් යයි.

කුත්ක් ට යමක් සිතා ගැනීමට පවා කාලයක් නැත. ඔහු මහා බියකින් පසුවන බව පමණක් පැහැදිලි ය.

”නවත්තපල්ලා, නවත්තපල්ලා “අවසානයේ දී ඔහු මොර දිණි.

එහෙත් ගමන නොනැවතේ. මත්ස්‍යයන් කෙළින් ම දිව ආවේ මුහුද වෙත ය.

උන් දෙදෙනා දෙවරක් නොසිතා මුහුදට පැන්නාහ. කරත්තය දැන් මුහුදේ ය. කුත්ක් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි.

එසේ කොට හිස් අතින් ම ගෙදර යන අතර ඔහු මෙසේ සිතන්නට විය. පොරොන්දු දීලා කඩකරන එක බොහොම භයානක දෙයක්!

පාන් බබා…………

එක්තරා ඈත අතීත කාලයක රුසියාවේ පිටිසරබද ගම්මානයක අඹුසැමි යුවළක් වාසය කළ හ. ඔවුහු ඉතා දිළින්දෝ ය. දිනක් ඔවුන්ට ආහාර පිණිස කිසිවක් ම නොමැති විය.බිරිය ඉතා වෙහෙස වී එක්රැස් කරගත් පිටි ස්වල්පයකින්  පාන්ගෙඩියක්  තනන්නට වූවා ය. එය රවුම් අපූරු පාන් ගෙඩියකි. ඈ එය කෙතරම් කදිමට තැනුවා ද යත් එය දරුවකු ගේ මුහුණක් බඳු විය. ඈ ඒ රවුම මත දෙඇසක් ද, මුවක් සහ නාසයක් ද සලකුණු කළා ය.

එහෙත් එක්වර ම ඈ නොසිතූ® යමක් සිදුවිණි. ඒ පාන් ගෙඩියට පණ ආවේ ය. එවිට මේ පාන් බබා එක්වර ම මුළුතැන්ගෙහි කවුළුවෙන් පිටතට පැන අඩි පාර ඔස්සේ පලා දුවන්නට විය.

මෙසේ යන පාන් බබා අසල වනය තුළට වන් විට ඔහුට සාවකු මුණ ගැසිණි.

”අපූරු පාන් බබෙක්. මා නුඹ කා දමන්නම්” සාවා කීය.

”මා කන්නට එපා. මා නුඹට ගීයක් ගයන්නම්. පාන් බබා කීය:

මා පිටියෙන් තැනුණා
තෙලින් ඇනුණා
සීයාගෙන් මිදුණා
අත්තම්මාගෙන් මිදුණා
සාවාගෙනුත් මිදෙනවා…

ගීය නිම වූ සැණින් පාන් බබා අතුරුදන් විය. සාවාට තවදුරටත් ඔහු නොපෙනිණි.

පාන් බබා ඉදිරියට ම දිව ගියේ ය. ඔහු දැන් වනය මැද ය. මෙවිට ඔහු ඉදිරියට ආවේ වෘකයෙකි. ඔහු වෘකයාට ද ගීය ගැයුවේ ය. එසේ කොට පෙර සේම නොපෙනී ගියේ ය.

මීළඟට ඔහු ඉදිරියට වළසකු පැමිණ ඔහු කා දමන්නට සූදානම් වූ විට යළි ඔහු ගේ පිහිටට ආවේ පෙර කී ගීතය ම ය.

අවසානයේ දී ඔහු ඉදිරියට පැමිණියේ කපටි නරියෙකි. නරියාට ද පාන් බබා ගීය ගැයී ය.

සාවධානව ගීතය අසා සිටි නරියා මෙසේ කීය: “අනේ පුංචි බබෝ, මං දැන් වයසයි හරිහැටි කන් ඇහෙන්නේ නෑ නොවෑ. නුඹ මගේ හොම්බ උඩට නැගලා ඔය ගීතය කීවෝතින් නම් මට හොඳින් ඇහේවි.”

පාන් බබාට දුක හිතිණි. ඔහු නරියාගේ හොම්බ මතට වන්නේ ය. කපටි නරියා වහා ම පාන් බබා ගිල දැමුවේ ය. කවුරුන් වුවත් නිදහස භුක්ති වින්ද යුත්තේ ප්‍රවේසමෙනි!

සංගීත රාජධානිය………….

ක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිරහසකි.

රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.

පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.

විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ සංගීත රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.

මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් සංගීත රාජධානිය සොයා පැමිණ තිබුණේ.

මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.

රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර  අසමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.

දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතු  බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.

සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය. එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.

අළුත් සිරිතක් වෙන්නැති…………නේද?

ඔන්න මම අද පුංචි කතාවක් කියන්න  හදන්නේ.එක ගමක හිස උදුම්මවාගත් ආරච්චි කෙනෙක් සහ ඔහුටම හරියන බිරිදක්ද හිටියා.මේ දෙන්නට හිටියේ එකම එක් දරැවයි.ඒ දියණියක්. මේ දියනියගේ පැවැත්ම එච්චර හිතකර වූයේ නෑ.මොකද කියනවනම් මේ දෙන්නට විශාල හිසරදයක් වුණේ මේ දියණියගේ කෑදරකම. ඉතින් ආරච්චිලගේ නිවස  ඉතා පොහොසත් නිවසක්නේ. ඉතින් කෑම බීමෙනුත් මෙහි කිසි අඩුවක් වූයේද නෑ .මේ දියණිය වෙලාවට කෑම ගන්නේ නෑ.ඒ වගේම තමයි පෙනෙන්නට කොච්චර කෑවත් හොරෙන්  කන  එකත් අඩුවක් වුණේ නෑ.

තම එකම දියණියගේ මේ වැඩ කටයුතු නිසා මේ දෙමහල්ලෝ මහත් වදයක් වින්දා. ගමේ අනිත් අය දැනගත්තොත්  තමාගේ ආරච්චි පට්ටමටත් ලැජ්ජාවක් කියලා නිතරම මේ ආරච්චි හා හාමිනේ  නිතරම  ඇයට කියයි. කොතරම් තරවටු කළත් අඩම් තේට්ටම් කලත් මෑගේ කෑදරකමනම් අඩු වුණේ නෑ.මැය තරැණ වීමෙන් පසුව වත් ඇයගේ මේ කෑදරකම අඩු වේයැයි සිතුවත් එය සීතු පරිදි  අඩු වූ බවක් පෙනුනේ නෑ.

මෙහෙම ටික කාලයක් යන විට මේ දියණියගේ විවාහ මංගල්‍ය ද එළඹුණා.මේ දෙමහල්ලොන්ට අවශ්‍ය වූයේ මෙකලක් ගමේ සිදු නොවූ ආකාරයට ඉතා ඉහලින් මේ දියණියගේ මංගල උත්සවය සිදු කිරිමට. ඒ අනුව පිටස්තර උසස් ධනවතුන්ට ආරාධනා කර තිබුණා. දියණියගේ වැඩ මෙයාගේ මව හොදට දනි.ඒ නිසා මෙදිනට මගුල් මේසයේ කෑම ගන්නා ආකාරය ගැන ගම හාම්නේ කියා දුන්නා.
රසවත් ආහාර වලින් මෙදින මගුල් මේසය පිරිලා තිබුණා. මංගල කටයුතු අවසන් වුණා.මේ මනාල යුවල සමග අමුත්තෝ කෑම මේසයේ වාඩිවුණා. ආරච්චිත් ගම හාම්නේත් දියණියගේ කෑම ගැනීම ගැන විමසිල්ලෙන් හිටියා.ඇය බොහෝම පිළිවෙලට කෑම කෑවා.ඉතින් මවුපියෝ ‍දෙදෙනාට මේ දියණියගේ යහපත් ක්‍රියාව ගැන ගොඩාක් සතුටට පත්වුණා.

බත් කෑමෙන් පසු අතුරැපස කෑමක් වූ කිරිපැණි කෝප්පයක් බැගින් එක් එක්කෙනාට ගෙනත් තිබුණා.ඒ අනුව මේ මනාලියටද ලැබූණේ කිරි කෝප්ප එකක්. ඒත් ඇයට එකකින් සෑහීමට පත්විය නොහැකිව තව තව කෑමේ  ආසාවක් ඇතිවුනා. එහෙත් පිරිස ඉදිරියේ කෑමට නොහැකිය. කෑමෙන් පසු මේ මනාල යුවල පිටත්ව යන වෙලාව ළගාවුණා. සියළු දෙනාම ඒ ගමන සුදානම් කිරිමට කටයුතු කළා. මේ අතර මනාලිය ඉඩ ප්‍රස්ථාව ලැබුණු විගස ගේ ඇතුළට ගොස් කෑම බීම තබා ඇති කාමරයට වැදී වටපිට බලා හොරෙන්ම කිරිපැණි පුරවා තිබුණු භාජනය පිටින්ම කටට හලා ගත්තා. මනාලිය මෙ‍හෙම කිරිපැණි කෑම නිසා කට පුරාමත් මූණ පුරාමත් කිරිපැණි තැවරැණා. එහෙත් ඇයට ඒවා පිසදමා ගැනිමට අවස්ථාවක් නොලැබුණේ මනාල යුවල පිටත්වන සුභ මුහුර්තිය එළඹී තිබුණ නිසා පිරිස යුහුසුළුව මනාලියව සොයාගෙන ගෙයි ඉදිරියට කැදවාගෙන ගිය නිසා. මනාලියගේ මුහුණෙහි තිබුණු වෙනස දුටුව අමුත්තෝ කසු කුසු ගෑමට පටන් ගත්තේය.ආරච්චිලටත් ගම හාම්නේටත් මේ දියණිය කළ දේ වැටහිණි.ඉතින් මේක අනිත් අය දැන ගත්තොත් අපිට වස ලැජ්ජාව.ඒ නිසා ආරච්චිය කල්පනා කෙරැවා.අදහසක් පහල වුණා. ආ හාමිනේ සිරිත් විරිත් එහෙම හරියට කෙරැවද .කිරි මූණේ ගෑවද යැයි හාමිනේගෙන් ඇසුවා. ඉතින් හාමිනේටත් මේ ආරචිචිගේ අදහස වැහුණී.සේරම හරියැයි කීවාය.ඊට පසුව පැමිණි අමුත්තන් මේ ගමේ අළුත් සිරිතක් වෙන්නැති කියම්න් මනාලිය යුවල කැන්දාගෙන මනාලයාගේ පාර්ශවයේ අය සමග මනාලිය  පිටත් වුණාය. බලන්න කපටිකමින් සහ තැනට සුදුසු නුවණ මේ ආරච්චි යෙදුව හැටි.

ආහ්! හොල්මනක්…………

මම අද කියන්න යන්නේ පුංච් හොල්මන් කතාවක් ගැන.ඔන්න  විශ්ව,ආකාශ් ,දුෂ්‍යන්ත ,රවී ,සිසිර හා තිසර කියලා යාළුවෝ කට්ටියක් හිටියා.මේ කට්ටිය හොදම යාළුවෝ මොකද කියනවනම් මේ කට්ටිය හරිම එකමුතුයි . සමගියි.

දවසක් තිසරගේ ගෙදර පිරිත් පිංකමක් තිබුණා. ඉතින් තිසරගේ ගෙදර පිරිත් අහන්න එන්නකෝ කියලා යාළුවෝ කටිටිය‍ට තිසර කිවිවා. ඉතින්‍ යාළුවාගේ ගෙදර යන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් ඒ යාළුවෝ ටික කිව්වා ආ හරි අපි අද රෑ පිරිතට එන්නම්කෝ කියලා. ඉතින් තිසරට හරි සතුටුයි ඇයි ඉතින් යාළුවෝ ටික එනවනේ.

විශ්වගේ ගෙදරට නුදුරෙන් තමයි සිසිරගේ ගෙදර තිබුණේ. ඉතින් සිසිරගේ ගෙදරට මේ යාළුවෝ ටික එකතු වෙලා හැන්දෑවේ 6.00 ට විතර ඒ කට්ටිය තිසරගේ ගෙදරට ගියා    .එහේට ගියාට පස්සේ තිසරට ගොඩාක් සතුටුයි. පිරිත පටන් ගන්න තව පැය කීපයක් තිබුණ නිසා තිසරගේ අම්මා කැවුම් කෙසෙල් ආදියෙන් මේ අයට සංග්‍රහ කළා. ඊට පස්සේ පිරිත් මණ්ඩපයේ ඉතිරිව තිබුණු සුළු සුළු වැඩ වලට මේ යාළුවෝ ටික උදව් කළා. පිරිතට භික්ෂුන් වහන්සේ ලා වැඩම වූයේ රෑ 8.00 ට විතර . ගොඩක් අය පිරිත් අහන්න ඇවිත් හිටියා.

රෑ 10.00ට විතර මහ පිරිත අවසන් වුණා. ‍මේ පිරිත රෑ පහන් වන තුරැ දේශනා කරන පිරිතක්. මහ පිරිතෙන් පසු මේ කට්ටිය රාත්‍රී ආහාරය තිසරගේ නිවසෙන්ම ගත්තා.
මැදියම් රාත්‍රිය පමණ වන තෙක් ඒ යාළුවෝ ටික පිරිත් ඇසුවා. ඔවුන්ට පසුදා වැඩ කටයුතු බොහෝමයක් ඇති නිසා මේ යාළුවෝ ටික රාත්‍රී 12.00 ට විතර තිසරගේ නිවසින් පිටවුණා.

විශ්වගේ ගෙදරට තව සැතපුම් දෙකක් විතර පයින් ඒමට තිබුණා. පාරත් ඉතා පටුයි. මේ පාර අතර සොහොන් පිට්ටනියක්ද තිබුණා. තැනින් තැන කැළෑවෙන් ගහණයි. අහසේත් පේන්න තිබුණේ බැසයන සදයි. අවට ප්‍රදේශයම අදුර ගිලගනිමින් තිබුනා. හද බැසයන විට අදුර ටික ටික වැඩි වුණා. ඒ නම් මදැයි  මහ අමුතු  භයානක හඩ ‍ඒ යන පාර අවට පරිසරයෙන් ඇහුණා.

විශ්වට තරමක් බය හිතුණා. එක එක දේවල් හිතුණා. ඒත් තව යාළුවන් 4 දෙනෙක් හිටිය නිසා එච්චරටම බයක් වුණේ නෑ. ඒ කොහොම උනත්මේ හද්දා කරැවලේ යන මේ ගමන් ගැන ඔවුන්ට බියක් මෙන්ම චකිතයක්ද ඇති වුණා. මේ කණ්ඩායමේ හිටිය රවී විහිලු කතා කාරයෙක්. ඔහු කියවන්නට පටන් ගත්තේ යක්කු, හොල්මන් , ආවතාර ගැන. ඉතින් මේ මහ රෑ ඔය වගේ දේවල් ගැන කතා කරනකොට මොන වගේ දේවල් ඔවුන්ගේ සිත්වලට එන්න ඇත්ද? මෙහෙම ටික දුරක් කතා කරකර යනකොට විශ්වට මහ අමුතු දෙයක් දකින්නට ලැබුණා. සුදුපාටින් වගේ ඇදගත් උසට උසේ මිනිසකු වගේ අයෙකුගේ ඡායාවක්. මේ ගැන අනිත් අයටත් පෙන්නුවා. ඇත්තටම හොල්මනක්ද  ආකාශ් ඇහුවා. අනේ මන්දා . ඇත්තටම මොකෙක්ද ඒ දුෂ්‍යන්ත එහෙම කියමින් ඉදිරියට ගියා. එපා දුෂ්‍යන්ත. යන්න එපා. අපි වෙන  ෂෝර්ටි කට් එකක් දාලා යමු.යාළුවෝ ටික දුෂ්‍යන්තට කීවා. මොකටද බය වෙන්නේ අපි හතර දෙනෙක්ම ඉන්නවනේ.දුෂ්‍යන්ත කිව්වා. ඉතින් අනිත් අයත් දුෂ්‍යන්තගේ පස්සෙන් ගියා.ටික ටික ළන් වෙනකොට ඒ සුදුවට ඇදගත්තු වගේ මිනිසා ටික ටික උස වෙනවා වගේ පෙනුනා. මේ අය ඇවිද්දෙත් සුළු හඩක්වත් නො ඇසෙන ගානට. කොහොම උනත් දුෂ්‍යන්ත මොන යකාටවත් බයනැති කෙනෙක්. එයානම් බයනැතිව ඉදිරියටම ගියා. ‍ඒ ස්ථානයට ළං වෙනකොට මොකක්ද දන්නවද මේ අයට දක්කනට ලැබුණේ. රාත්‍රීයේද හැමු තද සුළග නිසා පාරට කඩා වැටුණු විශාල මාර ගහක්.මාර ගහේ කදත් ඉතින් සුදු පාටට හුරැයි නේ.ඉතින් දුරට පෙනෙන්න ඇත්තේ ඒ විධියට. ආ මේකද හොල්මන. අපෝ අපි බය වුණු තරමක්. අපිට ඈතට පෙනුනේ ඇත්තටම හොල්මනක්  වගේ. බලනකොට ‍මේ මාර ගහක්නේ.විශ්ව එසේ කීවේ දිගු සුසුමක් හෙලමින්.ඊට පස්සේ දුෂ්‍යන්ත මෙහෙම කිව්වා.

ඒකනේ කියන්නේ හැම දෙයක්ම විමසිල්ලෙන් හා බුද්ධිමත්ව කරන්න කියලා.

අලුතින් සිතන්න………..

අපි ජීවත් වෙන ලෝකයේ විවිධාකාර  ලෙසින් සිතන්නට හැකි මිනිසුන් සිටිනවා.මෙම සිතීමේ හැකියාව සෑම මිනිසෙකුට ම තිබෙනවා.කලාතුරකින් මෙම සිතීමේ හැකියාව නොමැති පුද්ගලයින් ද අද සමාජයේ ජීවත් වෙනවා.  මොළයක් කියලා ‍දෙයක් අපිට හිමිවෙලා තියෙන්නේ  සිතන්න.ඉතින් අපි නිතරම අළුතින් සිතන්න පුරැදු වෙන්න ඕන එවිට තමයි අපේ ජීවිත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්කරගන්නට පුළුවන් වෙන්නේ.එසේම  සමහරැන් තමා අතින්  සිදුවූ වැරදි පිළිබද සහ තමන්ට කිරීමට නොහැකි වූදේ ගැන සිතමින් පසුතැවිලි වනවා අප කොතෙකුත් දැක තිබෙනවා.. ගිය අකුරට නාඩන්නේ  තියෙන අකුර රැකගන්නේ කියලා පැරණි කියමනකුත් අපි අසා තියෙනවනේ. ඉතින් අපි ඒ දේවල් ගැන සිතමින් පසුතැවිලි වෙන්නේ කුමකටද? අපි අළුතින් සිතන්න පුරැදු වෙනවනම් මෙහෙම පසුතැවිලි වෙන්න සිද්ධ වේන්නේ නෑනේ. අළුතින් සිතන්න අළුත් දේ කරන්න.හැබැයි යහපත් දේ පමණයි………….

පුංචි කතාවක්………

යාළුවෝ තුන්දෙනෙක් හිටියා ..ඔන්න ඉතින් මේ කට්ටිය ගියා  maths පන්තියකට.ඉතින් මේ අය ගණිතය විෂය අතින් දුර්වලයි. එයාලගේ දෙමාපියන්ගේ වදේට තමයි මේ කට්ටිය පන්ති ‍ගියේ.ඔන්න දවසක් මේ අයට චක්කරේ පාඩම් කරගෙන එන්න කිවා. ඉතින් මේ අය පන්තිය ඇරියට පසිසේ කිව්වා අපි නම් චක්කරේ පාඩම් කරන්නේ නෑ කියලා.ඒ වගේම පන්තියේ අනිත් ළමයිටත් කිව්වා අනේ මොකකටද චක්කරේ පාඩම් කරනේ. ඒ වෙලාවේ එක ළමයෙක් කිව්වා සැපසේ නිදාගන්න පුළුවන්නේ කියලා.සැපසේ  නෙමෙයි අනේ  සුවසේ කියා මහ හයියෙන් හිනා වුණා.  එදා එහෙම කට්ටිය ගෙදර ගියා.
ඔන්න ඉගෙන ගන්න උනන්දු  අය විතරක් පාඩම් වැඩ කළා.ඔන්න ඊට පසසේ චක්කරේ ගන්න දවසෙ මේ අය ටියුෂන් පන්තියට ආවා.ඉතින් maths විෂය උගන්වන ගුරුතුමා  ඇවිත් චක්කරේ  ගත්තා.ඉතින් මේ අයට චක්කරේ කියාගන්න බැරිවුණා.ඊට පස්සේ මේ අයට ඒ පන්තියේ ගුරැතුමා හොදටම බැන්නා විතරක් නොවේ.හොදටම තැලුවා.ඔන්න ඊට පස්සේ දවසෙත් මේ අය පාඩම් කරන්නේ නැතුව පන්තියට ආවා.ඉතින් අදත් මේ අයට චක්කරේ පාඩම් කෙ‍රැවෙ නැති නිසා සර් මේ අයට හොදට බැනලා පන්තියෙන් එළියට දැම්මා.මේ සර් ඉතා හොද ගුරැතුමෙක්.ළමයි වරදක් කළ විට දඩුවමි කළා.මොකද දන්නවද ළමයින්ත් එක්ක තියෙන තරහට නොවේ ළමයා හොද පුද්ගලයෙක් කරන්න.ඒ වගේම මේ ගුරැතුමා ළමයින්ට ගොඩාක් ආදරෙයි.ඔන්න අර ළමයි තූන්දෙනාට ඊට පස්සේ තමයි  චක්කරේ පාඩම් තළා නම් අපට මෙහෙම වෙන්නේ නැනේ කියළා මේ අයට තේරැම් ගියා.ඒ වගේම තමයි එයාලට ඉගෙන ගැනීමේ වටිනාකමත් තේරැම් ගියා.ඊට පස්සේ මේ අය හොදට චක්කරේ පාඩම් කරලා පන්ති ගිහින් සර්ට කිව්වා සර් දැන් තමයි අපිට තේරේන්නේ අපි කරපු වරද.අපිට සමාව දෙන්න කියලා අයැද සිටියා.බලන්න කොච්චර හොද ආදර්ශයක්ද කියලා . ……

ශි‍‍‍්‍ර ලංකාව හා අන්තර්ජාලය……..

අන්තර්ජාලය යනු ලෝකය පුරා විහිදී ඇති ස්වාධීන පරිගණක ජාලවලින් සැදි ජාලයකි.මුළු ලෝකයම එක්තැන් කරන එකම ජාලයක් බවට පත් කරන මධ්‍යස්ථානයක් ලෙස අන්තර්ජාලය හැඳින්විය හැකිය. ‍ලොව එකම ගම්මානයක් බවට පත් කරන මිනිස් ‍මොළයේ අපූර්ව නිර්මාණයකි පරිගණකය. දහ අට වන සියවසෙන් පසු ගෝලීයකරණය වඩා සාර්ථක වු අතර පරිගණකයේ උපකාරයත් සමග එය වඩාත් සාර්ථක විය.. කලක් තිස්සේ එය උසස් සමාජ මට්‍ටම්‍ වල අයට සීමා වු අතර අද වන විට එය මුළු ලෝකයම පුරා ප්‍රචලිත වී ඇත්තේ මිනිසා ඉදිරිපිට තබා ඇති යෝධ පිම්‍මක් හුවා දක්වන්නට මෙනි.
ශ්‍රි ලංකා‍වේඅපට නම්‍ හුදකලා රාජ්‍යයක් ලෙස පරිගණකය අද වන විට නැතිවම බැරි තත්වයට පත්ව ඇත. අන්තර්ජාලය මගින් අපට ලෝකයේ වෙනත් රාජ්‍ය සමග කිට්‍ටු සම්‍බන්ධතා පැවැත්විය හැකිය. රාජ්‍ය මට්‍ටමින්ද, ව්‍යාපාරික මට්‍ටමින් හා අධ්‍යාපනික මට්‍ටමින් ද දැනුම ලබා ගැනීමට ‍හොඳම මාර්ගය අන්තර්ජාලයයි. අතීතයේ මෙන් නොව තොරතුරු සන්නි‍වේනය ඉගෙන ගැනීම සදහා ද ඉතාමත් ශිඝ්‍රගාමී මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හැදින්විය හැකිය. ලංකා‍වේ සිටින ඕනෑම පුද්ගලයෙලකුට ලෝකයේ ඕනෑම රටක සිටින ඕනෑම පුද්ගලයෙකු සමග විද්‍යුත් මාර්ගයෙන් හෝ සජිවී ලෙස සම්බන්ධ වීමට හැකි එකම මාර්ගය ද පරිගණකයයි.

එසේම ඉතාම කාර්යයක්ෂම, ලෝකයත් සමග උරෙනුර ගැටී ගමන් කරන මිනිසා සිය පවුල, දෙමාපියන්, දූ දරුවන්ට ඉටු විය යුතු යුතුකම් පවා පැහැර හරිමින් වෙනස් වන ලෝකය සමග දිව යන්නේ මිනිසාත් රොබෝවරුනුත් අතර වෙනසක් නොමැති බව පසක් කරමිනි.පරිගණකය තුළ යහපත් දේ සතුකර ගැනීමට අයහපත් දේ තරයේ ප්‍රතික්ෂේප කිරිමටද නූතන මානවායා‍ට හැකියාව නැතැයි කිව නොහැකිය. එබැවින් යහපත හා අයහපත මැනවින් වෙන්කොට ජාතික සංවර්ධනය සදහා ලබා ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ශ්‍රි ලාංකීක අප සතු වගකීමකි.