”කුරුලු දරුවා”

ක් මවකට හා පියකුට ඉතා දක්ෂ දරුවෙක් සිටියේ ය. ඔහු ගේ නම වසීලි ය. ඔහු කෙතරම් දක්ෂ ද යත් කුරුල්ලන් ගේ භාෂාව පවා දැන සිටියේ ය.

දිනක් මාපියන් සමඟ වසීලි අහර ගනිමින් සිටිනා’තර එක් කොවුලෙක් ඔවුන් වෙත පැමිණ මිහිරි හඩින් නද දෙන්නට විය. වසිලිට කුරුල්ලා පවසන දෙය වැටහිණි.

”පුතේ මේකා මොනවා කියනවාදැයි අපටත් කියාපං”

”එය කියන්නට බයයි”

”බය නොවී කියාපං” මාපියෝ ඔහු පෙලැඹවූහ.

”යම් දිනෙක පියා මට දිය සපයමින් ද මවු මා සාළුවකින් පිස දමමින් ද මා හට සේවය කිරීමට නියමිත බව කුරුල්ලා කියනවා.”

මෙබස ඇසූ සැණින් මාපියෝ වසීලි හා උරණ වූහ. ඔවුන්ට දැන් කෙසේ හෝ දරුවාගෙන් ගැලවෙන්නට වුවමනා ය. කුඩා ඔරුවක් තැනූ ඔවුහු දරුවා එහි දමා මුහුදේ පා කර හැරියෝ ය.

ඒ ඔරුව මුහුදුබත් නො වී ය. එය සුවසේ එක්තරා ගොඩබිමකට සේන්දු විය. වසීලි තුරුණු වියට එළැඹෙත්ම ඔහු ගේ දස්කම් ද තව තවත් දියුණු විය. ඔහු කුරුලු බස මැනැවින් ප‍්‍රගුණ කෙළේ ය.

ඔහු ගේ මේ හැකියාව රට පුරා පතළ විය.

එකල ඒ රටේ රජතුමා විසඳගත නොහැකි ගැටලුවකට මැදි ව සිටියේ ය. කුරුලු යුවළක් රාජ මන්දිරයේ තැනූ කූඩුවක ය. ඔවුනට පැටියකු ද සිටී. මා පිය කුරුල්ලෝ හැමවිට ම මහා හඩින් හඬ දෙති. එතැන නිරන්තර කලබැගෑනියකි. ඔවුන් මැදුරෙන් පිටතට ගත හැකි ද නො වේ.

මේ අතර වසීලි පිළිබඳ මේ රජතුමාට ද දත හැකි විය. අරුම පුදුම කුරුලු කරදරය විසඳීම රජතුමා වසීලිට භාර කෙළේ ය. “රජතුමනි මේ කුරුලු යුවළට දරුවා පිළිබඳ අයිතිය ගැන ගැටලුවක් ඇතිවෙලා. ඔබතුමා තීරණය දෙන්න. දරුවා කාටද?”

”පියාට”

මේ පිළිතුර සමඟ ම කුරුලු පැටවා පියා සමඟ පියාඹා ගියේ ය. මවු ඊට විරුද්ධ දිශාවට පියසැරූ විට කුරුලු කරදරය නිමා විය. අතිශය සතුටට පත් රජතුමා වසීලිට සිය රාජධානියෙන් අඩක් ද දී තම දූ කුමරිය ද සරණ පාවා දුනි.

වසීලි ඉතාමත් සතුටින් මාලිගයේ කල්ගත කරන අතර ඔහුට විදේශ සංචාරයන් හි දොලක් ඉපැදිණි. රජතුමා ඒ සඳහා සිය කළමනා සම්පූර්ණ කෙළේ ඉතා කැමැත්තෙනි.

එසේ නැව් නැගී සංචාරය කරන වසීලි එක්තරා රටක නගරයකට ගොඩ බට විට වියපත් පුරුෂයෙක් ඔහුට පැන් ගෙනැවිත් තැබුවේ රජතුමා ගේ විඩාව නිවනු පිණිස ය. ඒ හා සමඟ ම මහලු කතක් සාළුවකින් ඔහු පිස දැමුවා ය. වසීලිට එසේ සිය මාපියන් යළි මුණ ගැසිණි.

උස් හඩින් හැඬූ වටුවා………..

එක් වනයක උස් හඩින් හඬන වටුවෙක් විය. ඒකා දිනක් ගසක් මතට වී කල්පනාවෙන් බර වූ සිතින් නිහඬ ව සිටියේ ය. මෙවිට එක්වර ම යමක් ඒකා ගේ හිස මත වැටිණි.

”අහස කඩා වැටෙනෝ” වටුවා උස් හඩින් හඬ ගෑවේ ය. “මේ ගැන රාජාලියාට කිව යුතුයි” යැයි ද කියූ වටුවා වහා රාජාලියා සොයා දිව යන්නට විය.

අතරමඟ දී වටුවා ට වැලි කුකුළා මුණ ගැසිණි.

”මිත‍්‍රයා මොකෝ හදිස්සිය?” වැලි කුකුළා වටුවා ඇමතී ය.

”අහස කඩා වැටෙනවා. මං රාජාලියාට ඒක කියන්න දුවනවා”

”මාත් එන්නම්. යමු.” වැලි කුකුළා ද ගමනට පිටත් විය.

දෙමිතුරන් මෙසේ දිවයන අතර ඔවුනට තාරාවා හමුවිය.

”යාළුවනේ කොහේ දුවනවාද?” තාරාවා ඇසී ය.

”අහස කඩා වැටෙනවා. අප රාජාලියාට ඒ බව දන්වන්න යනවා.”

”හොඳමයි. මාත් එන්නම්”

දැන් තිදෙනෙක් දුවති. මෙසේ දිවයන්නන්ට මීළඟට රතු දුඹුරු වැලි කුකුළා මුණ ගැසේ. ඒකා ද පෙර පරිදි ම පැන විමසා ඔවුන් හා ගමනට පිටත් විය.

මේ සිව්දෙනා යති. යති. ඉදිරියට ම යති.

මෙවිට මොවුන් හමුවට එන්නේ නරියෙකි. නරියා ගේ නම ටි‍්‍රක්සි  ය.

”යාළුවනේ, හදිස්සියක්වත් ද?” නරියා ඇසී ය.

මිතුරෝ කරුණු පැහැදිලි කළහ.

නරියා ගේ කපටි නුවණ පණ ගැන්විණි. ඒකා මෙසේ කී ය. “හොඳයි, හොඳයි. රාජාලියාට කිව යුතු ම තමා. ඒත් නුඹලා පාර වරද්දාගෙන. මා සමඟ වරෙල්ලා. පාර පෙන්වන්නම්.”

මෙවිට සියල්ලෝ නරියා පසුපස ඇදුණා හ. නරියා මොවුන් කැඳවාගෙන ගියේ අන් කවර තැනකට නොව ඒකා ගේ ම නිවෙසට යි.

”මෙන්න තැන.” නරියා සිය නිවෙස ඉදිරිපිට නැවතී කී ය. “මා මුලින්ම යන්නම්. ඊළඟට එක එක්කෙනා ඇතුළට වරෙල්ලා.”

නරියා නිවෙසට ඇතුළු වූ පසු, වැලි කුකුළා ද තාරාවා ද එහි ඇතුළු වූහ. ඒ දෙදෙනාට ම සිදුවූයේ සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට යි. මීළඟට වටුවා ගේ වාරය ආවේ ය. ඒකා නිවෙසට ඇතුළු වූ සැණින් නරියා වටුවා ගේ බොටුව තද කරන්නට විය.

මෙවිට වටුවා කෙතරම් හඩින් ලතෝනි නැඟුවේ ද යත්, රතු දුඹුරු වැලි කුකුළා ද තැති ගෙන නිවෙස තුළට වැදුණේ ය. මෙයින් ඒ දෙදෙනා ගේ දිවි ගැලවිණි. අහස කඩා වැටෙන පුවත තවමත් කිසිවෙක් රාජාලියාට කියා නැත.

මැෂින්………..

දහදිය දුම් දමාගෙන
මැසිම අනයි කොන්කී‍්‍රට්
වටේ දහ පහළොවක්
නරඹති විමතියෙන් මෙන්
පෙන්වයි විසඳයි ලියයි
කොම්පියුටරය ලහිලහියේ
පුටුවලට බර දී
දනෝ නිදි කිරති සිත්සේ…….

වරද………………

ඔන්න එක ‍නිවසක  අක්කා කෙනෙකුයි මල්ලී කෙනෙකුයි හිටියා.දෙන්නම ටිකක් පොඩියි .මල්ලිට නම් අවරැදු 5ක් විතර ඇති.මේ දෙන්නගේ අම්මයි තාත්තයි මේ දෙන්නටම එක වගේ ආදරෙයි.ඉතින් මේ දෙන්නට දෙන්නා නිතරම රණ්ඩු සරැවල් කරගන්නවා.දවසක් මේ පොඩි මල්ලිගේ උපන්දිනයට එයාලගේ ආච්චිගෙනුයි සීයගෙනුයි මුද්දක් හමබ වුණා. ඉතින් අක්කාට ඉරිසියාවේ බෑ මල්ලිගේ මුද්ද දැකලා. ඊට පස්සේ එයාත් හොදටම ඇඩුවා එයාටත් මල්ලි වගේ මුද්දක් ඕන කියලා.ඒ කොහොම උනත් අක්කටත් එයාගේ උපන්දිනයට මුද්දක් හම්බ වුණා.නැන්දගෙන්.ඒත් අර මල්ලිට බැන බැන  ඇඩුවා

ඊට පස්සේ මොකද දන්නවද කලේ මල්ලි රෑ නිදාගන්නකොට මල්ලිගේ අතැගිල්ලේ දාලා තිබුණු  මුද්ද මල්ලිට ඇහැරෙන්නේ නැති විධියට මුද්ද ගලවා ගත්තාඊට පස්සේ මල්ලි උදේ නැගිටිනකො‍ට මුද්ද නැති නිසා අම්මට ගිහින් කිව්වා.ඊට පස්සේ අක්කගෙන් ඇහුවා ඒත්අක්කා කිව්වා මම ගත්තේ නෑ කියලා. මුද්ද නැතිවෙලා කියලා දැනගත්තම මල්ලි හොදටම ඇඩුවා. ටික වෙලාවක් යනකොට අක්කගේ කටින් ඉබේටම කියවුණා මෙන්න මුද්ද ඔහේම තියාගන්නවා කියලා.ඉතින් මොනවා කරන්නද කට හින්දනේ මාළුවා නහින්නේ කියලා.එයා කරපු හොරකම එයාගේ කටින්ම කියවුනා.ඊට පස්සේ මල්ලිට මුද්ද දුන්නට පස්සේ මල්ලිගේ මුණ සතුටින් පිරිලා ඉතිරිලා ගියා.  ඊට පස්සේ අම්මා මේ අක්කට තේරැම් කරලා දුන්න අයෙත් මෙහෙම දේවල් කරන්න එපා කියලා. ඊට පස්සේ හේ අක්කයි මල්ලියි සතුටින් හිටියා. බලන්න  යම්කිසි වරදක් අපි අතින් සිදු වුනු විට ඒ වරද හදාගන්නවනම් කොච්චර හොදද කියලා……………

එහෙම හොදයි නේද………….(පුංචි කතාවක්)

ඔන්න දවසක්  x යාළුවා  මුණගැහෙන්න  yයාළුවා ආවා. මේ දෙන්නා ගොඩාක් කාළයකට පස්සේ තමයි මුණ ගැහුණේ.ඉතින්යාළුවා y යාළුවාට කිව්වා මෙහෙම. අපි දෙන්නා ගොඩාක් කාලෙකට පස්සෙනෙ හමිබ වුණේ.ඉතින් අපි යමුද පොඩ් ගමනක් යන්න.  යාළුවත් ඒකට එකග වුණා. ඒත් y යාළුවා කිව්වා x  යාළුවාට මට මේ ඇදුම නමි ඇදන් යන්න බෑ. කියලා කිවිවා.මට ඔයාගෙන් ඇදුමක් දෙන්න පුළුවන්ද?කියලා x ගෙන් ඇහුවා.ඉතින් ඊට පස්සේ x යාළුවා තමන්ගේ ළග තිබුණු ඇදුමක් මේ යාළුවාට ඇදන් යන්න දුන්නා.හැබැයි එච්චර කැමැත්තකින් නවේ.අනික තමයි x ට තිබුණු අළුත්තම ලස්සනම  ඇදුම. X ඇදන්  හිට්යෙත් ඒ ඇදුම තරම් ලස්සන ඇදුමක් නවේ. යාළුවා ලස්සන ඇදුමක් ඇදන්න යද්දි මට කැත එකක් තමා ඇදන් යන්න වෙන්නේ.මොනා කරන්නද ඉතින් එයා අකමැත්තෙන් උනත් දුන්නා.

ඊට පස්සේ මේ දෙන්නා ගමන යන්න පිටත් වුණා.මෙහෙම ටික දුරක් යද්දී x යාළුවාගේ තවත් යාළුවෙක් මුණගැහුණා.ඊට පස්සේ මේ x  යාළුවා y යාළුවාට මේ යාළුවාව හදුන්වලා දුන්නා.මේ මගේ යාළුවෙක් මෙයා මාව බලන්න ඇවිල්ලා තියෙන්නේ.ඒ වගේම ඒ යාළුවාටත් මේ y යාළුවාව හදුන්වලා දුන්නා. මේ මාව බලන්න අපේ ගෙදර ආව යාළුවෙක්.හැබැයි මෙයා ඇදන් ඉන්නේ මගේ ඇදුමක්.ලස්සනදැයි ඇහුවා. ලස්සනයි කියම්න් දෙදෙනාට සුභ පතම්න් ඒ යාළුවා නික්ම ගියා. Y යාළුවාට මාර විදියට කේන්ති ගිහිල්ලා තිබුණා.ඇයි ඔයා ඒ යාළුවාට එහෙම කීවේ. ඔයා එනකොට කිව්වනමි මම මගේ ඇදුමම ඇදගෙන එනවනේ.  හරි හරි සොරි මම ආයෙත් එහෙම කියන්නේ නෑ x යාළුවා කිවුවා.ඔන්න ඊට පස්සේ තවත්  යාළුවෙක් මුණ ගැහුණා.ඒ යාළුවවත් අර විදියටම හදන්වලා දුන්නා.  හදුන්වලා දිලා මෙහෙම කිව්වා.මම මගේ yයාළුවාගේ ඇදුම ගැනනම් මුකුත්ම කියන්නේ නෑ. එහෙම හොදයි නේද කියලා yගෙන් අහුවා. ඉතින් y ට කරගන්න දෙයක් නෑ.මොනවා කරන්නද y x බැන බැන ගියා මිසක්.